සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය (LRT)

2019-11-01 | News

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය (LRT)

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන (Light Rail Transit System(LRT)) මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී 2019 අගෝස්තු 28 වන දින පවත්වන ලදී. මෙම සැසිය මෙගාපොලිස් හා බටහිර සංවර්ධන අමාත්‍යාංශයේ එල්ආර්ටී ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විසින් මෙහෙයවන ලදී. මහාමාර්ග අමාත්‍යාංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අදාළ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය යනු මෙගාපොලිස් හා බටහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ජයිකා (ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය) හි මූල්‍ය ආධාර ඇතිව සිදුකරන ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ මුළු දිග දළ වශයෙන් කිලෝමීටර 16 ක් වන අතර එය දුම්රිය ස්ථාන 16 කින් සමන්විත වේ. මෙය මාළඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත සිට ආරම්භ වන අතර කොළඹ කොටුව බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා කොළඹ කොටුව දක්වා විහිදේ.
ව්‍යාපෘතියේ සාමාන්‍ය පිරිවිතර පහත පරිදි දැක්විය හැකිය.
උපරිම වේගය - පැයට කි.මී. 80
මිනුම් - 1435 මි.මී.
දුම්රියක ධාරිතාව - පුද්ගලයන් 800 ක් පමණ