ලේ දන්දීමේ ව්‍යාපාරය
2019-11-01 | News
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යාලයීය සුබසාධක සංගමය මගින් ප්‍රථමවරට සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ කඳවුර 2019.08.02 වන දින ‘මගනැගුම මහමැදුර’ පරිශ්‍රයේ දී පැවැත්විණි.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ අනුශාසකත්වයෙන්, අමාත්‍යාංශයේ කාර්යාලයීය සුබසාධක සංගමයේ ගරු සභාපතිනී මංගලා ගුණරත්න මහත්මිය, ගරු ලේකම් චන්දන සුදත් බණ්ඩාර මහතා, ගරු භාණ්ඩාගාරික හසන්ත මංගල කුමාර මහතා සහ සියලු සාමාජික මහත්ම මහත්මීන්ගේ පූර්ණ කැපවීමෙන් “පුබුදමු ලංකා” පදනමේ සභාපති හා “සුව සරණ” පදනමේ ජාතික සංවිධායක චතුර රදම්පොල මහතා ඇතුළු නිලධාරීන්ගේ ද සහයෝගයෙන් මෙම ලේ දන්දීමේ කඳවුර ඉතා සාර්ථකව නිමකරන ලදී.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ සියලුම ව්‍යාපෘති කාර්යාලවල සහ අවට රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මීන් මෙන්ම ප්‍රදේශවාසීන් 200 කට අධික සංඛ්‍යාවක් මෙම ලේ දන්දීමේ කඳවුරට සහභාගී විය.